හෙට (24) දිනයේ ප්‍රදේශ කිහිපයක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට ලගා විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත් සහ මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැක.
එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ ජනතාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටිය යුතු බවටය.



