මැයි මස 6වනදා පැවැත්වීමට පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකරන තැපැල් ඡන්ද සළකුනු කිරීම සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එළැඹෙන 24, 25,28 සහ 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බවයි මැතිවරණ කොමිසම සිය නිවේදනයේ දක්වා ඇත්තේ.

