අප්‍රේල් මාසයේ පළමු දෙසතිය තුළ විදෙස් සංචාරකයන් 93,915 ක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා.
ඉන් වැඩිම පිරිසක් ඉන්දියානුවන් වන අතර බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, චීනය සහ බංගලාදේශය යන රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ තිබෙනවා.
2025 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති මුලු සංචාරකයින් සංඛ්‍යාව 816,191ක්.

