පාස්කු ඉරිදා වෙනුවෙන් රුසියානු – යුක්රේන යුද්ධයට සටන් විරාමයක්

පාස්කු ඉරු දින වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ “පාස්කු සටන් විරාමයක්” නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අද (19) සිට අප්‍රේල් 21 දක්වා සතුරුකම් තාවකාලිකව අවසන් වන බව පුටින් සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙම සටන් විරාමය සම්බන්ධයෙන් යුක්රේනය තවමත් කිසිවක් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.

යුක්රේනය සටන් විරාමය අනුගමනය කරනු ඇතැයි තමා උපකල්පනය කරන බවත්, එසේ නොකරන්නේ නම් යුක්රේනයට ප්‍රතිප්‍රහාර දියත් කිරීමට තම හමුදා සීරුවෙන් පසුවන බවත් පුටින් වැඩිදුරටත් කියා සිටිනවා.