මහ සිකුරාදා දිනය අදයි

ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අද (18) සමරනු ලබනවා.

ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුනුවන් අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරය යෙදීම ආදි ආගමික වත්පිළිවෙත්වල නිතරවීමද සිදුවේ.

එසේම මහා සිකුරාදා දිනයේදී කිතුනු බැතිමතුන් දේවස්ථානවලට ගොස් විශේෂ දේව මෙහෙයන්වලට සහභාගි වනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදිම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කෙරෙන පාස්කු ඉරිදා දින ලබන ඉරිදාට (20) යෙදී තිබෙනවා.