රටවල් 30ක පිහිටා ඇති අමෙරිකානු තානාපති සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනවශ්‍ය වියදම් කප්පාදුව කිරීම සදහා තානාපති කාර්යාල 10 ක් සහ කොන්සල් කාර්යාල 17 ක් මෙලෙස වසා දැමීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව සෝමාලියාව, ඉරාකය, මෝල්ටා, ලුක්සන්බර්ග්, කොංගෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ දකුණු සුඩානය ආදී රටවල පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය මෙලෙස වසා දමනු ඇති බව සඳහන්.
එසේම මෙම ලැයිස්තුවට ප්‍රංශයේ කොන්සල් කාර්යාල පහක්, ජර්මනියේ දෙකක්, බොස්නියා සහ හර්සගොවිනා හි දෙකක්, එක්සත් රාජධානියේ එකක්, දකුණු අප්‍රිකාවේ එකක් සහ දකුණු කොරියාවේ එකක් ද ඇතුළත් වනවා.
වසා දැමූ තානාපති කාර්යාලවල රාජකාරි අසල්වැසි රටවල වූ අදාල කාර්යාල මඟින් සිදු කළ යුතු වනවා.

