නොරොච්චෝලේ එක ජනන යන්ත්‍රයක් අක්‍රිය කරයි

පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර යොදාගැනීමේ අරමුණින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් අක්‍රීය කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා කියා සිටියේ, පසුගිය 11 වනදා සිට එම යන්ත්‍රය අක්‍රීය කිරීමට පියවර ගත් බවයි.

එසේම, කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද අප්‍රේල් 12 වැනිදා පෙරවරුවේ නතර කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන කිසිදු බලාගාරයක් ක්‍රියාත්මක නොවන බවත්, ජල සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් පුමුඛත්වය ලබා දී විදුලි උත්පාදන කටයුතු සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.