වහල මත සවි කරන සූර්ය පැනල හිමිකරුවන් අද පස්වරු 3:00 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටිනවා.
උත්සව සමයේදී ජාතික විදුලිබල පද්ධතියේ විශ්වාසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා, පද්ධතියේ දක්නට ලැබෙන සැලකිය යුතු අඩු ඉල්ලුම හේතුවෙනුයි එම මණ්ඩලය මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.

