සිංහල සහ දෙමළ අලුත් අවුරුදු එළැඹීම නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එළැඹෙන 13 සහ 14 යන දෙදින තුළ මෙලෙස රැඳවිය බැලීමේ විශේෂ අවස්තාවක් ලබා දී තිබෙනවා.
එහි දී ආහාර පාර්සලයක් රසකැවිල් පාර්සලයක් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදී ගෙන එන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.
එමෙන්ම සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනයත් තුළ සිදුවනු ඇත.

