ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.86 සිට රු. 294.13 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 304.42 සිට රු. 303.26 දක්වා පහත වැටී ඇත.

