රුසියානු හමුදාව වෙනුවෙන් සටන් කරමින් සිටි චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ රුසියානු හමුදාව වෙනුවෙන් සටන් කරමින් සිටි චීන ජාතිකයන් දෙදෙනෙකු යුක්රේන හමුදා විසින් අල්ලාගෙන තිබෙනවා.

රුසියානු හමුදාවේ චීන සොල්දාදුවන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බවට මීට පෙර බුද්ධි අංශ තොරතුරු ලැබී ඇති බව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

යුක්රේන භූමියේ සටන් කරන චීන හමුදා සාමය සඳහා චීනයේ ප්‍රකාශිත ස්ථාවරය ප්‍රශ්න කරන බවයි යුක්රේන විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා පැවසුවේ.

චීනය රුසියාවට මිනිස් බලය සපයන බවට යුක්රේනයෙන් එල්ල වූ පළමු නිල චෝදනාව මෙය වනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධව තවමත් රුසියාව හෝ චීනය විසින් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

සෙලෙන්ස්කි නිකුත් කළ X සටහන පහතින්,