අමෙරිකාවේ නව තීරු බදු පැනවීමෙන් පසු දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලුකොටස් මිල දර්ශකය ඒකක 284.25කින් පහළ ගොස් ඒකක 15,373.35ක් ලෙසින් සටහන් වූවා.
එසේම S&P SL20 මිල දර්ශකය ද ඒකක 101.61කින් පහළ ගොස් ඒකක 4,541.71ක් ලෙසින් දැක්වුණා.
අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.17 ක් වනවා.

