රුපියල ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.95 සිට රුපියල් 291.88 දක්වා සහ විකුණුම් මිල රුපියල් 300.47 සිට රුපියල් 300.39 දක්වා සුළු වශයෙන් අඩු වී තිබේ.