තෙල් මිල සංශෝධනය කරයි – පෙට්‍රල් මිල පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299කි.

එසේම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර  එහි නව මිල රුපියල් 361ක් වනු ඇත.

සෙසු ඉන්ධන මිල ගණන් අප්‍රේල් මාසය සඳහා නොවෙනස්ව පවතිනු ඇත.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලිටරයක මිල රුපියල් 331කි.

එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183කි.