පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හෙට ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.
එම ප්‍රභල භූකම්පන රික්ටර් මාපකය 7.1 ක අගයක් සඳහන් වූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරන්නේ.
එසේම මෙම භූ කම්පනය පන්ගයි ගම්මානයේ සිට කිලෝමීටර් 90 ක් (සැතපුම් 56) ගිනිකොන දෙසින් සිදු වී තිබෙනවා.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව, භයානක සුනාමි රළ භූකම්පනයේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක් පමණ වෙරළබඩ ප්‍රදේශවලට බලපෑ හැකි බව සඳහන් වේ.
ටොංගා හි සමහර වෙරළ තීරයන්ට වඩදිය මට්ටමට වඩා මීටර් 0.3 සිට 1 දක්වා සුනාමි රළ ළඟා විය හැකි බවට ද අනතුරු අඟවා තිබෙනවා.
කම්පනය හේතුවෙන් සිදු වුණු දේපල හානි හෝ ජීවිත හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත.
දූපත් 171 කින් සමන්විත ටොංගා හි ජනගහනය 100,000 කට වඩා වැඩි වන අතර බොහෝ ජනතාව ජීවත් වන්නේ ටොංගාටාපු ප්‍රධාන දූපතේ ය.

