පසුගිය වසරේ පැවැති අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වන විට ප්‍රතිඵල සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි.
එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව මේ වන තෙක් විභාග දෙපාර්තමේන්තුව කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
විවිධ මාධ්‍ය ඔස්සේ එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව පළවන සාවද්‍ය පුවත්වලට නොවරැවටෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.

