පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමේ වවුචරවල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී ඇති රුපියල් 6000ක වවුචරයේ වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ එම වවුචර වල වලංගු කාලය ලබන අප්‍රේල් මස 30 වැනි දක්වා දීර්ඝ කර තිබේ.