යල කන්නයේ අතුරු බෝග වගාවන් සඳහාද රුපියල් 15,000ක පොහොර සහනාධාරයක් ලබාදීමට කෘෂිකර්ම හා පශූ සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ නිර්දේශ මත කුඹුරු ඉඩම්වල අතිරේක බෝග වගාවන්ට යොමු වන ගොවීන්ට පමණක් මෙම සහනාධාරය හිමිවන බවයි.

