පැපුවා නිව්ගිනියාවේ රජය විසින් Facebook සමාජ මාධ්‍ය ජාලය හදිසියේ අවහිර කර තිබෙනවා.
වෛරී කථනය, වැරදි තොරතුරු සහ අසභ්‍ය දර්ශන සීමා කිරීම සඳහා වන පර්යේෂණයක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම පියවර විපක්ෂය විසින් දැඩි ලෙස විවේචනය කර ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි.
කෙසේවෙතත් ඊට පිළිතුරු දෙමින් පොලිස් අමාත්‍ය පීටර් ට්සියාමාලිලි ජූනියර් පැවසුවේ රජය නිදහස් භාෂණය මර්දනය කිරීමට උත්සාහ නොකරන බවත්, පුරවැසියන් හානිකර අන්තර්ගතයෙන් ආරක්ෂා කිරීම උදෙසා මෙම පියවර ගන්නා බවත්ය.
Facebook යනු පැපුවා නිව්ගිනියාවේ වඩාත්ම ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාව වන අතර, ඇස්තමේන්තුගත කරන ආකාරයට Facebook පරිශීලකයින් මිලියන 1.3ක් පමණ එරට සිටිනවා.

