දහම් පාසල් ගුරු විභාගය සම්බන්ධයෙන් දැනුම් දීමක්

2025 දහම් පාසල් ගුරු විභාගයේ අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇතැයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඊට අදාළ අයඳුම්පත හා තොරතුරු https://forms.office.com/r/DMfuCsHLWx වෙතින් පිවිස ලබාගත හැකි ය.

දහම් පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන දහම් ගුරු භවතුන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලන්නට හා උසස් අධ්‍යාපන වරම් හිමිකරදීමට දහම් පාසල් ගුරු විභාගය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබනවා.