දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් මිය ගිය පිරිස ඉහළට

දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාපය පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

උයිසොං ප්‍රාන්තයෙන් ආරම්භ වූ ලැව් ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් මරණ හතරක් සැන්චියොං ප්‍රාන්තයෙන් තවත් ගින්නකට සම්බන්ධ වී ඇති බව සඳහන් වෙනවා.

මෙම මාරාන්තික ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක් පදිංචිකරුවන්ට තම නිවෙස්වලින් පලා යාමට උපදෙස් ලබා දී ඇති අතර සිරකරුවන් සිය ගණනක් බන්ධනාගාරවලින් මාරු කර යවා ද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දැඩි සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිරීම වඩා වේගවත් සහ උග්‍ර කර තිබෙන බවයි බලධාරීන් සඳහන් කරන්නේ

මේ වන විට ගින්නෙන් හෙක්ටයාර 15,000 කට (අක්කර 37,065) වැඩි ප්‍රමාණයක් හානි වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.