කොළඹ කොටස් වෙළඳපොළ අදත් (26) පහල ගොස් තිබෙනවා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 60. 43 කින් පහල ගොස් ඒකක 15,847. 8 ක් ලෙස සටහන් වූවා.
එසේම එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ද ඒකක 15. 91 කින් පහල ගොස් ඒකක 4741.9 ක් ලෙස දැක්වුණා.
අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.6 ක් වනවා.

