සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමට STF සාමාජිකයන් 500ක්

සංවිධානාත්මක අපරාධ හා අනෙකුත් නීති විරෝධී ක්‍රියා මර්දනයට අලුතින් බඳවා ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකා (STF) සමාජිකයින් 500ක් යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

එම නව සමාජිකයින් නොබෝ දිනකින්ම සිය පාඨමලා නිමා කර සේවයට වාර්තා කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ.

මේ අතර දකුණු පළාතේ සිදු කරන වෙඩි තැබීමේ සිද්ධි පාලනය සඳහා පොලිස් කණ්ඩායම් 04 ක් යොදවා තිබේ.

එසේම සංවිධානාත්මක අපරාධ මැඩලීම වෙනුවෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයට ද විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා.