වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල චිකුන්ගුන්යා රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීම මගින් පමණක් චිකුන්ගුන්යා රෝගය ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවයි වෛද්‍යවරු පවසන්නේ.
චිකුන්ගුන්යා රෝගය මේ වන විට හඳුනාගෙන ඇත්තේ, අප්‍රිකාව, අමෙරිකාව, යුරෝපය හා ආසියානු මහද්වීපවල මෙන්ම පැසිෆික් හා ඉන්දියානු සාගරවල පිහිටි දූපත්වල පැතිරෙන රෝගී තත්ත්වයක් ලෙසය.
චිකුන්ගුන්යා වෛරසය ආසාදිත ඊඩිස් මදුරුවකු දෂ්ට කිරීමෙන් මිනිසුන්ට රෝගය පැතිරෙන අතර රෝගය වැළඳුණු විදෙස් සංචාරකයින්ගෙන්, බලපෑමට ලක්නොවූ ප්‍රදේශවලට ද රෝගය පැතිරීම සිදු විය හැකි වනවා.
උණ, හන්දිපත් වේදනාව, හිසරදය, මාංශ පේශි වේදනාව, සමේ රතු පැහැති බිබිලි, ඔක්කාරය හා වමනය, ඇස් රතු වීම ආදිය මෙහි රෝග ලක්ෂණ වෙනවා.
මේ දිනවල පාසල් නිවාඩු සමය බැවින් දරුවන් නිතර පරිසරයට නිරාවරණය වන පසුබිමක ඇතැම් ප්‍රදේශවලට වැසි තත්ත්වය ද වර්ධනය වීමෙන් මදුරු ගහණය ඉහළ යා හැකි බැවින් මදුරුවන් බෝවන තැන් විනාශ කිරීමට මෙන්ම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වගබලා ගත යුතු වන බවයි දැනුම් දෙන්නේ.

