පෙබරවාරි උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -3.9% ක් දක්වා වැඩි වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වනවා.

පසුගිය ජනවාරි මාසයේ දී මෙම අගය වාර්තා වූයේ -4.0% ක් ලෙසයි.

එසේම 2025 ජනවාරි මාසයේ දී -2.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 පෙබරවාරි මාසයේ දී   -1.1% ක් දක්වා වැඩි වී ඇත. 

2025 ජනවාරි මාසයේ දී -5.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 පෙබරවාරි මාසයේ දී -6.0% ක් දක්වා අඩු වී තිබෙනවා.