කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) දින ඒකක 256.77 කින් ඉහළ ගොස් ඒකක 15,662.93ක් ලෙස සටහන් වුණා.

එය ප්‍රතිශතයක් ලෙස 1.67%ක ඉහළ යෑමක් ලෙසයි දැක්වෙන්නේ.

එසේම අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.6ක් වනවා.