කොළඹ කොටස් වෙළඳපොළ සුළු වශයෙන් ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.

ඒ අනුව එය ඒකක 12කින් ඉහල ගොස් ඒකක 15,406. 16 ක් ලෙස සටහන් වුණා.

එසේම එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 18 .94 කින් ඉහල ගොස් ඒකක 4605.21ක් ලෙස සටහන් වුණා.

අද දිනය අවසානයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1. 25 ක් ලෙස දැක්වුනා.