ඉදිරියේදී තවත් රටවල් කිහිපයක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීම සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
මේ වනවිට රටවල් 39ක් සඳහා නොමිලේ වීසා පහසුකම ලබාදී තිබෙනවා.
එලෙස තවත් රටවල් කිහිපයකට එම වීසා පහසුකම ලබාදීම තුළින් නොමිලේ වීසා පහසුකම ලබාදෙන රටවල් සංඛ්‍යාව 40කට වැඩි වැඩිවන බවයි ඔහු සඳහන් කළේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා,
“දැනට අපි රටවල් 39කට මුදල් අය කරන්නේ නැතුව වීසා පහසුකම ලබාදෙන්නේ. free visa Charg පහසුකම ලබාදෙන්න තීන්දු කරලා තියෙනවා කැබිනට් එකේ අනුමත කරලා තියෙනවා. තවත් රටවල් කිහිපයක් එයට ඇතුළත් කිරීමේ යෝජනාවක් තියෙනවා. ඒකත් එක්ක ඒ ගැසට් එක හැදුවට පස්සේ මේ අයවැය විවාදය අවසන් වෙනකොට මේ පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා ඒ ගැන. එතකොට රටවල් 40කට වැඩි ප්‍රමාණයකට ඒ free visa Charge පහසුකම යටතේ අපේ ලංකාවට වැඩිපුර සංචාරකයින් ගෙන්වා ගැනීමේ අවස්ථා ඇතිවෙනවා.”

