පුංචි ඡන්ද අපේක්ෂකයන්ට දැනුම් දීමක්

පළාත් පාලන ඡන්ද වීමසීමට තරග කරන අපේක්ෂකයන් අවුරුදු උත්සව ඇතුළු කටයුතු සංවිධාන කිරීම සහ ඒවාට ආධාර කිරීමෙන් වළකින ලෙස දැනුම් දෙනවා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ඊයේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර දී මේ බව කියා සිටියා.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාර ගැනීම එළැඹෙන සදුදා සිට ආරම්භ කිරීමට නියමිත අතර එය ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 ට අවසන් වීමට නියමිතයි.