මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ විසිදහසක් සංඝයා පිරිවරා ගෙන තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කළේ මැදින් පුර පසළොස්වක පොහොය දිනයක වන බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කිරීමෙන් සත් අවුරුද්දකට පසුවයි මෙම සිදුවීම සිදු වන්නේ.

මෙහි දී ශාක්‍යන්ගේ මානය දුරුකිරීම සඳහා බුදුරජානන් වහන්සේ විසින් යමා මහා පෙළහර පානු ලැබුවා.

එසේම දායාද ඉල්ලමින් තමා පසුපස පැමිණි රාහුල කුමරු මහණ කරවීමත්, නන්ද කුමරු මහණ කරවීමත් සිදු වූයේ මැදින් පොහෝ දිනයක වනවා.

යසෝධරා දේවියගේ ගුණ සිහි කරමින් සඳකිඳුරු ජාතකය බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ද මැදින් පොහෝ දිනයක වනවා.

අද දිනයේ ලෝකවාසී මෙන්ම ලංකාවාසී බෞද්ධ ජනතාව විවිධ වූ ආගමික කටයුතු වල නිරත වෙමින් ගත කරනු ලබනවා.