පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින පැවැති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි වනවා.
එමෙන්ම මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවර්ධන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක වෙත ඇමතීමෙන් ලබා ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ක්ෂණික ඇමතුම් – 1911
දුරකතන අංක 0112784208, 0112784527, 0112785922, 0112784422

