2025 ශූරයන්ගේ කුසලානය දිනා ගැනීමට ඊයේ ඉන්දියාව සමත් වුණා
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 252ක් පමණක් වනවා.
එම ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී තරගයේ 49වන පන්දුවාරයේදී පසුකර යාමට ඉන්දියාව සමත් වෙමින් මෙවර කුසලානය ඔවුන් සතු කර ගත්තා.
ඉන්දීය කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක් ලබාදුන් නායක රෝහිත් ශර්මා ලකුණු 76ක් රැස්කිරීමට සමත් වුණා.
ඊට අමතරව ශ්‍රෙයාස් අයියර් ලකුණු 48ක් හා කේ. එල්. රාහුල් නොදැවී ලකුණු 34ක් රැස්කළහ.
නවසීලන්තය වෙනුවෙන් මිචෙල් සැන්ට්නර් (2/46) හා මිචෙල් බ්රැස්වෙල් (2/28) කඩුලු 2 බැගින් දවාගත්තේය.
ඉන්දියාව ශූරයන්ගේ කුසලානයක් දිනාගත් 3වන අවස්ථාව මෙය වන අතර ඒ අනුව ඔවුන් වැඩිම වාර ගණනක් ශූරයන්ගේ කුසලාන දිනාගත් කණ්ඩායම බවට ද පත්වුණා.
වසර 8කට පසුව පැවැත්වූ මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට ICCය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක මුදලක් වෙන්කර තිබුණි.
එය මෙරට වටිනාකමින් රුපියල් කෝටි 65කට අධික මුදලක් වනවා.
එමෙන්ම අනුශූරයන් සඳහාද ඩොලර් මිලියන 1.12ක මුදලක් වෙන්කර තිබුණි.
මීට අමතරව සමස්ත තරගාවලියේ එක් එක් අදියරයන් වෙනුවෙන්ද ICCය විසින් ඩොලර් මිලියන 6.9ක අතිදැවැන්ත මුදලක් වෙන්කර තිබූ අතර, එය රුපියල් කෝටි 203කට අධිකය.

