දිවයිනට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 05 ඉක්මවයි

2025 වසරේ පළමු මාස 2ක තුළදී මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 5 ඉක්මවා ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2025 ජනවාරි පළමු වනදා සිට මාර්තු 5 වනදා දක්වා විදෙස් සංචාරකයින් 530,746 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

ඉන් වැඩිම සංචාරකයින් වන 84,476 දෙනෙකු පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වනවා..

දෙවැනියට 70,000කට වැඩි සංචාරකයින් පිරිසක් රුසියාවෙන්ද , තෙවැනියට 50,000ස ඉක්මවූ සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන්ද පැමිණ තිබෙනවා.

මීට අමතරව ජර්මනිය, ප්‍රංශය, චීනය ඇතුළු රටවලින්ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර එම රටවලින් මාර්තු පළමු දින 5 තුළ පමණක් පැමිණ ඇති විදෙස් සංචාරකයින් ගණන 37,768ක් වනවා.

2025 වසර තුළ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සංඛ්‍යාව මිලියන 3 සීමාව පසු කර ගැනීම සංචාරක සංවර්ධන අධිකාරියේ අරමුණ වනවා.