පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ (6) පෙරවරුවේ මහනුවරදී මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“මං වගකීමෙන් කියනවා. මම දන්නවා මහමොළකාරයා. හැබැයි ඒක මාධ්‍යට කියන්නේ නැහැ. මාධ්‍යට කියනවා… රටේ ජනාධිපතිටයි..ආරක්ෂාව භාරව සිටින අයටයි කියලා.”

