යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම මාර්තු 15 සිට

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කිරීම පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කර තිබෙනවා.

ඒ එම කාරක සභාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 28 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

යල කන්නයේ වැඩි  බිම් ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කිරීමේ  අපේක්ෂාවෙන් මෙලෙස කුඹුරු සඳහා ජලය මාර්තු මස 15 වැනිදායින් පසුව  නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ.

එමෙන්ම  ලබන අප්‍රේල් මස අවසාන වනවිට සියලුම කුඹුරු වගා කර අවසන් වනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.