පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
බදුල්ල දිස්ත්රික්කයේ හාලිඇළ, පස්සර, කන්ඳකැටිය, බදුල්ල,හපුතලේ, මීගහකිවුල, ඌවපරණගම සහ සොරෙණාතොට යන ප්රාදේශීය ලේකම් බලප්රදේශවලට මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කෙරුනා.
එසේම නුවරඑළිය දිස්ත්රික්කයේ වලපනේ ප්රාදේශීය ලේකම් බලප්රදේශයට ද අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනක් නිකුත් කළා.

