රාමසාන් උපවාස සමය අද සිට

රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය පසුගියදා නිවේදනය කළා.

ඒ අනුව, අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් ඉර නැගීමේ සිට ඉර බැසීම දක්වා උපවාසයේ යෙදෙනු ඇත.

චන්ද්‍රයා මත පදනම් වූ ඉස්ලාමීය දින දර්ශනයේ නවවන මාසයයි ලෙසයි මෙම රාමසාන් මාසය හැඳින්වෙන්නේ.

උපවාස කිරීම , දන් දීම, කුරානය ඉගෙන ගැනීම, විශේෂ යාච්ඤා කිරීම ආදිය මුස්ලිම්වරුන් මේ මාසය පුරාවටම සිදු කරමින් තමන්ගේ ආධ්‍යාත්මික වර්ධනය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වනවා.