පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්රික්ක සදහා පැනවූ නායයෑම් අනතුරු ඇගවීම, හෙට දහවල් 12.30 දක්වා දීර්ඝ කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය නිවේදනය කරනවා.
බදුල්ල දිස්ත්රික්කයේ කන්දකැටිය, පස්සර, හාලිඇල, බදුල්ල, සොරණාතොට, හපුතලේ, ඌව පරණගම සහ මීගහකිවුල යන ප්රදේශ සඳහා මෙම නායයෑම් අනතුරු ඇගවීම ක්රියාත්මක වනවා.
එසේම නුවරඑළිය දිස්ත්රික්කයේ වලපනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට ද නායයෑම් අනතුරු ඇගවීම ක්රියාත්මකයි.

