හෙද නිලධාරින් අද කෑම පැයේ විරෝධතාවයක

අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දැනුම් දෙනවා.

ඒ අනුව අද පස්වරු 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ එම විරෝධතාවයේ නිරත වන බවයි එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.

මෙම විරෝධතාවයෙන් රෝහල් කටයුතුවලට බාධා නොවන ආකාරයෙන් සිදු කරන බව ඔහු අවධාරණය කළා.