කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට අද (27) උදෑසන සිට වැසි ලැබෙමින් පවතින බවට වාර්තා වනවා.
පසුගිය දින කිහිපය තුල එම ජල පෝෂක ප්‍රදේශයේ පැවති අධික වියළි කාලගුණයත් සමග මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 24 දක්වාත්, කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 21 ක් දක්වාත් පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් සදහන් කළේ.
ඒ හේතුවෙන් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පානිය ජල ගැටළුවක්ද මතු වුණා.

