මහා ශිව රාත්‍රී දිනය අදයි

හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන්ට ගෞරවයක් වශයෙන් සමරනු ලබන වැදගත්ම උත්සවයක් වන මහා ශිව රාත්‍රී උත්සවය අදට යෙදී තිබෙනවා.

අද රාත්‍රියේ නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට මෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාස වනවා.

අඳුර දුරු වී ප්‍රඥා ආලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද රාත්‍රිය පුරා පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍රකර ගනිමින් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත  වීම විශේෂත්වයකි.

එසේම ඇතැමෙක් විශ්වාස කරන්නේ මහා ශිව රාත්‍රිය ශිව සහ පාර්වතී දෙවියන්ගේ විවාහ මංගල්‍යය ද මේ ශිව රාත්‍රී දිනයක සිදු වූ බවයි.

මහා ශිව රාත්‍රිය ආධ්‍යාත්මික පිබිදීමක් සඳහා අවස්ථාවක් ලෙස සැලකෙන අතර අද දිනය පුරා භාවනා සහ විවිධ ආගමික ක්‍රියාවන්වල හින්දුවරු නිරත වනවා.