2024/25 මහ කන්නයේ නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක ආපදාවට පත් ගොවිබිම් සඳහා වගා හානි ගෙවීම් කටයුතු සිදු කර තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
මඩකළපුව, අම්පාර, ත්රිකුණාමලය, වවුනියාව, මුලතිව් හා පොළොන්නරුව යන දිස්ත්රික්ක සඳහා නිර්දේශ වූ වගා බිම් අක්කර 37,887ක් වෙනුවෙන් ගොවීන් 33,735 දෙනෙක් සඳහා මෙලෙස වන්දි ලබා දී ඇත.
ඒ සඳහා රුපියල් මිලියන 602ක මුදලක් ඔවුන්ගේ ගිණුම්වලට බැර කර තිබෙනවා.
තවද මන්නාරම දිස්ත්රික්කයේ වගා හානි නිර්දේශ වූ අක්කර 9,228ක ගොවීන් 4,285 දෙනෙක් වෙනුවෙන් රුපියල් මිලියන 126ක මුදලක් ඔවුන්ගේ ගිණුම් වෙත හෙට (26) දිනයේදී බැර කිරීමට නියමිතයි.
එමෙන්ම වේ වන විට වැඩි වශයෙන් වගා හානි වූ දිස්ත්රික්කවල වන්දි ගෙවීම මේ වන විට අවසන් කර ඇති බවත් ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

