රට භාර ගන්න මම සූදානම් – නාමල්

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව විසුරුවා හරින ඕනෑම මොහොතක රට භාර ගැනීමට තමන් සූදානම් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා.

පක්ෂ මූලස්ථානයේ පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සාමාජිකයින් එක් කර ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ඊයේ බත්තරමුල්ල නෙළුම් මවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.

ඒ එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.