2025 වසරේ ගත වූ කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 1.3% කින් අවප්‍රමාණය වී තිබෙනවා.
ඊයේ අවසන් වූ සතිය සදහා සාමාන්‍ය බරිත ප්රමුඛ ණය අනුපාතිකය පසුගිය සතියට සාපේක්ෂව සියයට 8.39 දක්වා පදනම් අංක 03කින් අඩු වූ බවයි මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
කෙසේවෙතත් ගතවූ සතිය තුළ සංසරණයේ ඇති මුදල් සහ වාණිජ බැංකු තැන්පතු ඉහළයාම හේතුවෙන් සංචිත මුදල් ද වැඩි වීමක් සිදුව තිබෙනවා.

