කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා වෙයි

කැලණිවැලි මාර්ගයේ අද (22) සහ හෙට (23) ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් තාවකාලිව අත්හිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනුයි මෙලෙස මෙම දුම්රිය ධාවනය සීමා කර ඇත්තේ.

ඒ අනුව පහත සඳහන් දුම්රිය ධාවනය අද සහ හෙට දිනයේ ධාවනය වන්නේ නැහැ.

අංක 9254 | පෙ.ව. 08:30 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (මන්දගාමී)
අංක 9260 | ප.ව. 01:55 කොළඹ කොටුව – පාදුක්ක (මන්දගාමී)
අංක 9261 | ප.ව. 04:00 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (අර්ධ සීඝ්‍රගාමී)
අංක 9657 | ප.ව. 12:25 අවිස්සවේල්ල – කොළඹ කොටුව (මන්දගාමී)
අංක 9661 | ප.ව. 03:45 පාදුක්ක – කොළඹ කොටුව (අර්ධ සීඝ්‍රගාමී)

කෙසේවෙතත් රාත්‍රී කාලයේදී දුම්රිය සුපුරුදු පරිදි ධාවනය කෙරෙන බවද සඳහන්ය.