මහා ශිව රාත්‍රිය වෙනුවෙන් නැගෙනහිර පාසල් වලටත් නිවාඩුවක්

මහා ශිව රාත්‍රී දිනය හේතුවෙන් නැගෙනහිර පළාතේ ද දෙමළ මාධ්‍ය පාසල් වලට නිවාඩුවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි 27 වනදා උතුරු පළාතේ මෙන්ම නැගෙනහිර පළාතේද දෙමළ මාධ්‍ය පාසල් වසා තැබෙනු ඇත.

එම නිවාඩු දිනය ආවරණය වෙනුවෙන් මාර්තු 01 වනදා පාසල් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.