හුදකලා සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි – ආරක්ෂක ඇමති

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදුවන සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල මහතා පවසනවා.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේදී යොමු කළ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ආන්නද විජේපාල මහතා මේ බව සඳහන් කළා.

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර දීර්ඝ කාලයක සිට පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතන සිදුවන බවයි අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේ.

රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇත්තේ හුදකලා සිදුවීම් පමණක් බව ද හෙතෙම පැවසුවා.

එසේම හුදකලා සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස නොසැළකිය යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

රජය විසින් රට තුළ ජාතික ආරක්ෂාව සහතික කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවා.