පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කිරීම අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කළද සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසනවා.
කෙසේවෙතත් පාන් පිටි මිල රුපියල් 25 කින් අඩු කළේ නම් අනිවාර්යයෙන්ම සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කළ හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
එසේම අධික ලාභ ලබන මෙරට පාන් පිටි නිෂ්පාදන සමාගම් දෙකට රුපියල් 10 ට වඩා පාන් පිටි මිල අඩු කළ හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙනවා .

