2025 වසර සඳහා රජයේ සෞඛ්‍ය අයවැය ප්රතිපාදනය රුපියල් බිලියන 604 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.
එසේම ඖෂධ සැපයුම සහතික කිරීම සඳහා 2025 අයවැයෙන් රුපියල් බිලියන 185ක් වෙන් කර තිබෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහි දී පවසා සිටියේය.
තව ද ස්නායු ආබාධිත දරුවන් සඳහා ප්‍රතිකාර ලෙස ජාත්‍යන්තර ප්‍රමීතීන් සහතිත ප්‍රථිකාර මධ්‍යස්ථානයක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇති කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට ද මෙම අයවැයෙන් කටයුතු කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

