අද (17) අලුයම ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 4.0ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එරට භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය සඳහන් කරන්නේ පොළොව මට්ටමට කිලෝමීටර 5 ක් පමණ ගැඹුරින් මෙය හට ගෙන ඇති බවයි.
මෙම භූ කම්පනයක් සමඟ ඒ අවට විශාල ශබ්දයක් ඇසුණු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් X පණිවුඩයන් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිල්ලි සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට පවසා ඇත්තේ සන්සුන්ව සහ ආරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙසටය.
හෙතෙම නිකුත් කළ X පණිවිඩය පහතින් ,

